කල්පිටිය, තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්රං කිලෝ 04යි ග්රෑම් 740ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය එම කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
රත්රං තොගය ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.
අදාළ රත්රං අඩංගු ඇසුරුම ප්රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්රාවක්ද තොරයඩි වෙරළ ප්රදේශයේ තිබී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් රත්රං සහ යාත්රාව නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.