තමාට මෙම ජනාධිපතිවරණය සටනක් නොවන බවත් තමා තරඟ වදින්නේ කිසිවෙකුත් සමග සටන් කිරීමට නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසුවා. තමන් ජනාධිපති සටනට පැමිණෙන්නේ තමාගේ ප්‍රතිපත්ති සමග බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ, මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති හමුවකට එක් වෙමින්.
අනෙකුත් අපේක්ෂකයන් තමන්ගේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග කරන විට තමා ඊට ඉදිරිපත්ව සිටින්නේ රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් තමා කිසිවිටෙක දූෂණ චෝදනා ලැබූ කිසිවකු ආරක්ෂා කර නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.