යුක්රේන හමුදාව විසින් රුසියාවටම ඇතුළු වී එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් මාධ්‍ය අද තොරතුරු අනාවරණ කර තිබෙනවා.
මෙලෙස ඔවුන් ඇතුළු වී ඇත්තේ රුසියාවේ ‘කර්ස්ක්’ ප්රදේශයටයි.
රුසියානු වාර්තා උපුටා දක්වන විදෙස් වාර්තාවලට අනුව යුක්රේන හමුදා භටයින් සිය ගණනක් දේශ සීමාවේ සිට කිලෝ මීටර් 10ක් දුරට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඒ සඳහා යුද ටැංකි 11ක් සහ සන්නද්ධ වාහන 20කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේනය විසින් රුසියාව ආක්‍රමණය කිරීම අතිශය දුර්ලභ සිද්ධියක් බව සඳහන්.
පවතින තත්ත්වය සලකා රුසියාවේ ‘කර්ස්ක්’ ප්‍රදේශයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සිටි දහස් ගණනක පිරිස ඉවත් කර ඇති අතර පිටස්තර නගරවලින් වෛද්‍ය කණ්ඩායම් කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් රුසියාවට සිදු වූ හානි පිළිබඳව නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
එහෙත් මෙම ප්‍රහාරය රුසියාව ප්‍රකෝප කරන ප්‍රහාරයක් වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් අමෙරිකාව පවසා ඇත්තේ යුක්රේනය විසින් රුසියාවටම ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කරන බවට තමන් නොදැන සිටි බවයි.