මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින්ද ඊට ඇතුළත් බවයි.
ස්වාධීන අපේක්ෂකයින් ලෙස 10 දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.