Monday, November 18, 2024

General line - 0115112241

මහනුවර පෙරහැර බලන්න බීමත්ව පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට

කමල් සුරවීර-හේරත් ඒකනායක




මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

පෙරහැර ගමන් මාර්ගය පිළිබඳව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මාධ්‍ය හමුවේ පැවසුවා. 


පෙරහැර නැරඹීම සඳහා ඉතා විනයගරුක ලෙස පැමිණෙන ලෙසයි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේ මහනුවර නගරය ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පැවසුවා.


මේ අතර, හැකිතාක් පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් තොරව පෙරහැර නැරඹීමට එක්වන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පාසල් දරුවන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන්ද ක්‍රියාත්මක බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ගීතාංජලී සෙනෙවිරත්න පැවසුවේ. 


මහනුවර ඇළ මහා පෙරහැර මංගල්‍යයේ අදින් වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහැර ලබන 14 වනදා දක්වා වීදි සංචාරය කෙරෙනවා.

ඉන් අනතුරුව පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේ අගෝස්තු 15 වනදා සිටයි.

එය අගෝස්තු 18 වනදා දක්වා වීදි සංචාරය කෙරෙනවා.

අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කරන බවයි මහනුවර ශ්‍රී දළදා මාළිගාව පැවසුවේ.