ලැබී ඇති බලය අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් ආරක්ෂා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අණපනත්වලින්, ව්‍යවස්ථාවලින් සහ භාවිතාවෙන් කුමන ආකාරයේ බලයක් නිර්මාණය කළ දුන්න ද බලය හැසිරවීමේදී වගවීමට ලක්විය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
නව කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
ජාතික ජන බලවේගය විසින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටුකර ගැනීමේදී සියලු ජනතාවගේ සහාය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.