ත්‍රිරෝද රථයක් සහ ජිප් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.
ත්‍රිරෝද රථයේ රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව මස්කෙලිය පොලිසිය පැවසුවේ
මෙම අනතුර සිදු වි ඇත්තේ අද පස්වරු 3.30 ට පමණ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදිය.
නල්ලතන්නිය සිට මස්කෙලිය දක්වා දියර කිරි ප්‍රවාහනය කල ජිප් රථයක් සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ
අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.
අනතුර සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.