ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු ජාතික සංගමයේ සහය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව සමගි ජන බලවේගයට එක්ව සිටි හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා පවසනවා.
කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් වැඩ කිරීම සඳහා තමන්ට බලයක් අවශ්‍ය බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග.
කෙසේවෙතත් ඉදිරියේදී තවත් නියෝජිතයින් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිත බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.
ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස දැක්වූයේ මෙවන් අදහසක්.
ඉදිරි ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය සුළුවෙන් තැකිය නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජයග්‍රහනය සඳහා සියලු දෙනා කැපවිය යුතු බවයි.