දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන් සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී අද පෙරවරුවේ එම සාකච්ඡාව සිදු වූ බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.
ඊට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් ද එක්ව තිබෙනවා.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.
ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමඟ ද සාකච්ඡා කිරීමට තමන් ඉදිරියේදී අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එහිදී ප්රකාශ කර තිබෙනවා.