Monday, November 18, 2024

General line - 0115112241

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ අමෙරිකානුවෙකු වසර 25 ක් සිරගෙට.




චීන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියෙකු වන ෂුජුන් වැන්ග් නමැත්තාට වසර 25 දක්වා සිර දඬුවම් නියම වූ බව අමෙරිකානු මහජන කටයුතු පිළිබඳ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

ඒ, චීනය වෙනුවෙන් අමෙරිකාවේදී ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වූ බැවින්.

75 හැවිරිදි වියේ පසුවන වැන්ග් අමෙරිකාවේ   කතුවරයෙක් විය.

මහජන චීන සමූහාණ්ඩුවේ (PRC) වත්මන් කොමියුනිස්ට් පාලනයට විරුද්ධ වන නිව් යෝර්ක් හි ක්වීන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදී ගැති සංවිධානයක් ආරම්භ කිරීමට ද ඔහු උදව් කළ බව පැවසේ.

 කෙසේ වෙතත්, මහජන කටයුතු පිළිබඳ කාර්යාලය විසින් කරන ලද අධිචෝදනා පත්‍රයකින් ඔහු එක්සත් ජනපද නීතිපතිවරයාට පූර්ව දැනුම් දීමකින් තොරව විදේශ රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීම සහ කුමන්ත්‍රණය කිරීම, අනන්‍යතාවය සාපරාධී ලෙස භාවිතා කිරීම සහ එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමට අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත ඔහු වැරදිකරු විය