Monday, November 18, 2024

General line - 0115112241

බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් එරට මාධ්‍ය ආයතන වෙත රතු එළියක්




බංග්ලාදේශයේ අලුතෙන් පිහිටුවන ලද අන්තර්වාර රජය එරට මාධ්‍ය වෙත දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

කිසියම් අසත්‍ය හෝ නොමග යවන සුළු ප්‍රවෘත්තියක් පල කලහොත් හෝ විකාශය කළහොත් එම මාධ්‍ය ආයතන වසා දමන බවයි අන්තර්වාර රජය එලෙස අනතුරු අගවා ඇත්තේ.

රටක් පිරිහෙන්නේ මාධ්‍ය අවංකව වාර්තා කිරීමට අපොහොසත් වූ විට බව එරට ස්වදේශ කටයුතු උපදේශක බි්‍රග්‍රේඩිය ජනරාල් සකාවත් හොසේන් පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ඇසෑම් පොලිසිය විසින් ඉන්දීය - බංග්ලාදේශ දේශසීමාවේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ කිසිදු වැසියෙකුට ඉන්දියාවට ඇතුල් වීම වැලැක්වීම සඳහා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර ඉන්දු සහ අනෙකුත් සුළු ප්‍රජාවන්ගේ ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නැයි ඉල්ලා අන්තර්වාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් යුනුස් වෙත කරුණු 08කින් යුත් ඉල්ලිම් ප්‍රඥප්තියක් ඉදිරිපත් කර තිබෙනවා.

බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතාවක් ද ආරම්භ කළා.

මිලියන 170ක් වන බංග්ලාදේශ ජන ගහණයෙන් සියයට 08ක් හින්දු ප්‍රජාව වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.