පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ ප්‍රංශයේ විශාලතම ක්‍රීඩාංගනය වන ස්ටේඩ් ඩි ප්‍රංශ ක්‍රීඩාංගනදී අද අලුයම අවසන් වී තිබෙනවා.
ප්‍රංශයේ දින 16ක් පුරා පැවති ඔලිම්පික් උලෙළ ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවර ඔලිම්පික් උලෙළේ පැවති තරඟවලදී පදක්කම් 850කට ආසන්න ප්‍රමාණයක් දිනා ගත් අතර ලෝක වාර්තා 10ක් සහ ඔලිම්පික් වාර්තා 32ක් ඇතුළුව වාර්තා 42ක් බිඳ දමා තිබෙනවා.
ඊයේ පැවති අවසාන තරඟ ඉසවු කිහිපයකට පෙර පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට චීනය සමත්වූ අතර අවසන් තරඟ කිහිපයක ජයග්රහණයෙන් පසු පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමින් පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් විය.
ඒ අනුව අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් ලබාගෙන තිබුනා
චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනිමින් දෙවන ස්ථානයයට පත්විය
තුන්වැනි ස්ථානය ජපානය සතු වූ අතර රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමගින් සමස්ත පදක්කම් 45 ක් ලබා ගෙන තිබුනා
සත්කාරකත්වය දරු ප්‍රංශය රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 22ක් සමගින් සමස්ත පදක්කම් 64 ක් ලබා ගෙන පදක්කම් සටහනේ පස්වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනා.
විචිත්‍රවත් වු සමාප්ති උලෙළ සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 71,000කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
සමාප්ති උත්සවයේදී ප්‍රංශයේ තිබු ඔලිම්පික් ධජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් වෙත ලබා දුන් අතර 34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එය ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් වෙත පිරිනැමිම සිදු කළා.
අමෙරිකාව 2028දී ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය දරනු ලබන්නේ තුන්වන වරට වන අතර මිට පෙර 1932 දී සහ 1984දී සත්කාරකත්වය ලබා දී තිබුනා
අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ගිනිසිලුවේ දල්ල නිවා දමනු ලබන අතර මෙයින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අවසානය සනිටුහන් කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් සතු වූ ඔලිම්පික් ධජය ටොම් කෲස් විසින් ලොස් ඇන්ජලීස් වෙත ගෙන ගිය බවයි.