Monday, November 18, 2024

General line - 0115112241

ජනපතිවරණයට අදාළ පැමිණිලි ගණන 300 ඉක්මවයි




ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 17 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීති උල්ලංඝණය කිරීම් 12 ක් සහ වෙනත් පැමිණිලි 05ක් එලෙස ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව ජූලි 31 වනදා සිටි ඊයේ දිනය දක්වා ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 337 ක් ලැබී තිබෙනවා.

ඉන් 329 ක් ම ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.

එම පැමිණිලිවලින් 220 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

සෙසු පැමිණිලි 109 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර පැෆරල් සංවිධානය ද පැමිණිලි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

පළාත් මට්ටමෙන් වට්ස්ඇප්, ෆැක්ස් සහ ඊමේල් හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

ලැබෙන පැමිණිලි පැමිණිලකරුගේ අවසරයකින් තොරව හෙලි නොකර බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.