Monday, November 18, 2024

General line - 0115112241

ඉරානයේ ආයුධ වැඩසටහනට සහය දුන් පකිස්තානුවෙකුට අමෙරිකාවෙන් නඩු




අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඉරානයේ ආයුධ වැඩසටහනට ද්‍රව්‍යමය සහාය ලබා දුන් බවට ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයෙකුට අධිචෝදනා ගොනු කර ඇත.

බ්‍රහස්පතින්දා ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයක ඉරාන සොහොයුරන් දෙදෙනෙකු වන ෂහාබ් මිර්කාසෙයි සහ යූනුස් මිර්කාසේයි - පකිස්ථානු මුහම්මද් පහ්ලවාන් සමඟ “ඉරානයේ මහා විනාශකාරී ආයුධ වැඩසටහනට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

අමෙරිකානු දේශපාලකයෙකු සහ අනෙකුත් නිලධාරීන් කිහිපදෙනෙකු ඇමරිකානු භූමියේදී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බව කියන තවත් පකිස්ථාන ජාතිකයෙකු වන අසීෆ් රාසා මර්චන්ට් නමැත්තාට ද ඒ සමග චෝදනා එල්ල කර තිබේ.

ඉරානයට සහය පල කල පුද්ගලයින් තිදෙනාට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයේ මෙම පුද්ගලයන් තිදෙනාට “මරණයට තුඩු දෙන මහා විනාශකාරී ආයුධ සම්බන්ධ සමුද්‍ර නාවික සහ සමුද්‍ර ප්‍රවාහනයට එරෙහිව ප්‍රචණ්ඩත්වය කිරීමට කුමන්ත්‍රණය කළ” බවට ද චෝදනා එල්ල කර ඇත.

පහ්ලවන් නමැත්තා දැනට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන අතර, ෂහාබ් සහ යුනුස් නිදැල්ලේ සිටිති