Monday, November 18, 2024

General line - 0115112241

ඉන්දියාව සහ මාලදිවයින ගිවිසුම් ගත වෙයි




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්  සිය මාලදිවයින් සංචාරය ඊයේ සාර්ථකව අවසන් කළේය.

ජයිශංකර් සිය මාලේ සංචාරයේදී ධාරිතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ අතර ඉහළ බලපෑම් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDPs) හයක් විවෘත කළ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා  මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ද හමු විය.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා මාලදිවයින් විදේශ අමාත්‍ය මූසා සමීර් සමඟ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැති   රැස්වීමේදී ඔහු ජනාධිපතිවරයා වෙට්ග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම් පිරිනැමීය.

එමෙන්ම ජනාධිපති මුයිසු මාලදිවයිනට ලබා දෙන ඉන්දියාවේ අඛණ්ඩ සංවර්ධන සහය අගය කර තිබේ.

ඉන්දියා-මාලදිවයින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඔහුගේ කැපවීම යළිත් තහවුරු කළේය.

එමෙන්ම මාලදිවයිනේ ජනාධිපති කාර්යාලයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්ව මාලදිවයිනේ දූපත් 28 ක ජල හා මලාපවහන ජාලයේ ඉන්දියාවේ ණය රේඛාව (LoC) සහය වන ව්‍යාපෘතිය ජනාධිපති මුයිසු ඉදිරියේ විවෘත කරන ලදී.