යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ දිවයින පුරා සිදුකල වැටලීම් 629කදී සැකකරුවන් 622 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
එම සැකකරුවන් අතර සැකකාරියන් 06 දෙනෙකු ද සිටින බවයි පොලිසි මූලස්ථානය නිවේදනය කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සැකකරුවන් 07 දෙනෙකුට වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.
එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු පුනුරුත්තාපන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සිදුකරන බවයි පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
බස්නාහිර පළාත ආවරණය වන පිරිදි සිදුකල විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 90ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 127ක් සහ ගංජා ග්‍රෑම් 236ක් පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත තුළ පමණක් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් 423ක් සිදුකර තිබෙන අතර සැකකරුවන් 418 දෙනෙකු සහ සැකකාරියන් 05 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
දකුණු පළාත තුළ සිදුකල වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 05ක් සහ ගංජා ග්‍රෑම් 1,843ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එහිදී වැටලීම් 52ක් සිදු කරමින් සැකකරුවන් 50 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.