නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට උදෑසන 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව 25 කට අඩු කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර ජාතික ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට පත්වීමට නියමිත කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට හිටපු පාරිල්මේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා
ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා ද පැවසුවේ හෙට දිනයේ තමන්ට ද ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණීමට දන්වා ඇති බවයි.