අමාත්‍ය ධූර ලබාදීමේදී විවිධ ආණ්ඩු මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සිය රජය යටතේ නතර කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
විෂය පිළිබඳ දැනුමත් ඇති පිරිස් පමණක් සිය අමාත්‍ය මණ්ඩලයට පත්කර ගන්නා බවයි කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර ගෝලීය සැපයුම් දාමයට ප්‍රවේශ වී තරග කල හැකි ව්‍යාපාරික ව්‍යවසායක ප්‍රජාවක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.
කෙසේවෙතත් වෙනස්වන ලෝකයට මුහුණ දීමට අත්දැකීම් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසනවා.
“පුළුවන් ශ්‍රී ලංකා” බේරුවල ආසනයේ තරුණ සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කළා.