Wednesday, January 15, 2025

General line - 0115112241

චීන ජනපතිගෙන් සහ අමෙරිකානු ජනපති අතර හමුවක්




චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුව තිබෙනවා.

එය ජෝ බයිඩන් ඇමරිකානු ජනපතිවරයා වශයෙන් චීන ජනපතිවරයා සමඟ සිදුකල අවසන් සාකච්ඡාව වනු ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලොව විශාලතම ආර්ථිකයන් අතර සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

එම සාකච්ඡාව පැය දෙකකට පමණ සිමා වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගත වූ වසර 4 ක කාලය තුළ චීන සහ අමෙරිකානු සබඳතා ස්ථාවර මට්ටමක පැවති බව චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම චීනය සෑමවිටම පොරොන්දු ඉටු කර ඇති බවයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

සමානාත්මතාවය මත චීනය හා අමෙරිකාව එකිනෙකාට සැලකිය යුතු බව ද ෂී ජින්පිං අවධාරණය කර තිබෙනවා. 

කෙසේවෙතත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අමෙරිකාවේ බලයට පත් වූ විට අමෙරිකාවේ සහ චීනයේ සබඳතා බිඳ වැටෙනු ඇති බවයි.