Sunday, November 17, 2024

General line - 0115112241

දින තුනක් පුරා සිදුකල අලි සංගණනය අදින් අවසන් - වාර්තා මාස තුනකින්




දීප ව්‍යාප්තව ආරම්භ කළ අලි සංගණනය අද මධ්‍යහන 12න් අවසන් කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ එහි අවසන් වාර්තාව ලබාදීමට මාස 03ක පමණ කාලයක් ගතවන බවයි.

පසුගිය 17 වනදා අලි සංගණනයක් ආරම්භ කෙරුණේ වසර 13කට පසුවයි.

මධ්‍යස්ථාන 3,200ක් පමණක් කේන්ද්‍ර කර ගනිමින් එම සංගණනය දින තුනක් පුරාවට සිදුකල බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ.

ඒ සඳහා 7,000ක පමණ වන ජීවී නිලධාරීන් පිරිසක් යොමු කළ බවයි වනජීවී දෙපාර්තමේන්තු පැවසුවේ.

දින තුනක් පුරා වන අලින් සම්බන්ධයෙන් ලබා ගන්නා තොරතුරු පරිගණකගත කිරීමට නියමිතයි.

ඒ අනුව මාස තුනකින් පසු මෙරට වනඅලි ගහණය සම්බන්ධයෙන් වාර්තාවක් එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවේ ඇතුළත් තොරතුරු පදනම්ව වනඅලි සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නා බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ.
අවසන් වරට දිවයිනම ආවරණ වන පරිදි වනඅලි සංගණනයක් සිදු කර තිබුණේ 2011 වසරේදීයි.

මෙරට තුළ වනඅලි 5,879ක් ජීවත්ව සිටින බව එහිදී අනාවරණ වී තිබෙනවා.