Sunday, November 17, 2024

General line - 0115112241

ජපානයට යලිත් ප්‍රබල භූමිකම්පනයක් 




ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපානයේ ඉබරාකි ප්‍රදේශයට රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

මෙම භූකම්පනය අද එරට වේලාවෙන් පෙරවරු 0:50 ට පමණ හටගෙන තිබු අතර එම භූකම්පනය තීව්‍රතාව  රික්ටර් මාපක 5 ට වඩා අඩු අගයක් ගත් බවයි  ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ.

කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10 ක් ගැඹුරින් හටගෙන ඇති අතර  භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම ටෝකියෝවට ද කම්පන දැනී ඇති බවයි 

ජපානය මෑතකදී සිදුවිය හැකි "විශාල භූ කම්පනයක්" පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුන අතර කෙසේ වෙතත්, සතියකට පසුව, එය ඉවත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙබ තිබුනා 

අගෝස්තු 8 වන දින රටේ දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදු විය.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශාල භූමිකම්පාවක් සිදුවීමේ සම්භාවිතාව  වඩා වැඩි නමුත් විමසිලිමත් ව  සිටින ලෙස එරට ජනතාවට උපදෙස් දී තිබෙන බවයි.