ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය අද ආරම්භ වුනා.
මෙම තරඟාවලිය අද දින සිට අගෝස්තු 21 දක්වා ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේ පවත්වනු ලබන අතර ඒ සඳහා චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 22 පමණ පිරිසක් සහභාගී විය.
මෙහි සමාරම්භක උත්සවය ඊයේ ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී පැවැත්විය.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම තරඟාවලිය මඟින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමට හා අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන්ම, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමත්, මෙරට ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමත් නාවික හමුදාව අපේක්ෂා කෙරේ.