ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත යොදා ගැනීම ද තහනම් බවයි මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ.
මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කළ චක්‍රලේඛයේ ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවද එම කොමිසන් සභාව කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 566ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් පැමිණිලි 542ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි.
ප්‍රචන්ඩ ක්‍රියාවලට අදාළව එක් පැමිණිල්ලක් ද වෙනත් පැමිණිලි 23ක් ද ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මුළු පැමිණිලි 566න් 311ක්ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.