මාලඹේ, පිට්ටුගල ප්‍රදේශයේ නිවසක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 504ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නිවසේ හරිතාගාරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ 174ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මාලඹේ, කහන්තොට ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුනා.
ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මාලඹේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
මේ අතර ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම හේනේ තිබී ගංජා ගස් 315 ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඇතිමලේ පොලීසිය යුධ හමුදා නිලධාරීන් සමග මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මේ අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු දෙහිවල සහ මොරටුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකව සිටි තවත් සැකකරුවෙකු අගුලාන දුම්රියපළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.