එළඹෙන ජනාධිපතිවරනය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාද පතා ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකමක් ඊයේ (18) ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්විණ .
එක්සත් ජාතික කලාපෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම සිදුකරන ලද්දේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය විසිනි.
මේ සඳහා එක්සත් ජාතික කලා පෙරමුණ නියෝජනය කරමින් රංගන ශිල්පීන් මෙන්ම දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.