වර්තමානයේ රටේ ඇත්තේ එක්තරා ධනවතුන් පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාදාමයක් බවත් ඒ නිසා IMF ගිවිසුමෙන් පවා වැඩ කරන ජනතාවගේ ETF, EPF එකට පිට්පොකට් ගසා සුපිරි ධනවතුන් බේරු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
කැපකිරීම් කරනවා නම් හැමෝම කැපකිරීම් කළ යුතු බවත් කැපකිරීම් මුලින් කළ යුත්තේ පාලකයෝ බවත් රටේ නායකයා උපරිම කැපකිරීම් කළ යුතු වුවත් ජනතාවගේ කර පිට බදු බර පටවමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පවසා සිටියේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නාවලපිටිය නගරයේ පැවැති සමගි ජන බලවේගය ජයග්රහණයෙන් විජයග්රාහණය කරා ගෙන යන ජන රැළිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය,
‘‘සැප්තැම්බර් 21 වැනිදා රටේ සිටින සියලුම ජනතාව , සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය ජයග්‍රහනය කරන බව සමීක්ෂණවලින් සනාථ කරලා තිබෙනවා.
එම ජයග්‍රහනය ජනතාවගේ ජයග්රහනයක්. රටේ ආර්ථිකය විනාශ වී තිබෙන මොහොතක , ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව රටේ ආර්ථිකය ගජමිතුරන්ගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන යුගය අවසන් කරලා ආර්ථිකය පුළුල් කරන , ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ රටේ ජනතාවට ලබාගත හැකි දැවැන්ත ආර්ථික සංවර්ධන යුගයක් නිර්මාණය කරන්න කටයුතු කරනවා
එක්තරා සුපිරි ධනවතුන් පිරිසක් ඉලක්ක කරගෙන තමයි රටේ ආර්ථික රටාව ක්‍රියාත්මක වෙන්නේ.
ඒ නිසා තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම හරහා උපරිම බරක් වැඩ කරන ජනතාව මත පටවන්න ආණ්ඩුව කටයුතු කළේ. වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට පික් පොකට් ගැහුවා.
නමුත් ආණ්ඩුව සුපිරි ධනවතුන්ව බේරා ගත්තා. කැප කිරිම් කරනවානම් සියලු දෙනාම කැප කිරිම් කළ යුතුයි. කැප කිරිම් ආරම්භ කළ යුත්තේ ජනතාවගෙන් නෙවෙයි.
කැප කිරිම ආරම්භ කළ යුත්තේ රටේ නායකයාගෙන්. උපරිම කැපකිරිම කළ යුත්තේ රටේ නායකයා සහ සුපිරි පෝසතුන්. අසාධාරණය , හොරකම , වංචාව දූෂණය නැති සැමටම එකලෙස නීතිය ක්‍රියාත්මක වන ආර්ථික ප්රතිලාභ පොඩි මනුස්සයාටත් ලැබෙන යුගයක් සමගි ජනසන්ධාන රජයක් තුළින් නිර්මාණය කරනවා.
ජනතාවගේ කරමත බර පටන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි නිසා බව රටේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
ඒ ප්‍රකාශය හරහා සිදුකරන්නේ ජනතාව රැවටීමක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉලක්ක ලබාදී තිබුණට රටේ වැඩපිළිවෙළ හදන්නේ ආණ්ඩුව.
රටේ ජනතාව පිඩනයට ලක් කරන්න තිරණය කරලා තිබෙන්නේ ආණ්ඩුව. ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රටෙන් හරිඅඩක් දුප්පතුන් බවට පත්වෙලා.
සැප්තැම්බර් 21 වැනිදා බිහිවන ජනතා සහභාගිත්ව රජය තුළ ජන සවියට වඩා ශක්තිමත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරලා රටේ දුප්පත්භාවයට පත්වි සිටින ජනතාවට ඉතිරි කිරිමේ , ආයෝජනය කිරිමේ , නිෂ්පාදනය කිරිමේ , පාරිභෝජන , අපනයන අයිතින්ගෙන් සමන්විත ශක්තිමත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් ජනතාව වෙනුවෙන් ආරම්භ කරනවා.
රටේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය විනාශ කළ හිටපු සෞඛ්‍ය ඇමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන විට ඒ ඇමැතිවරයා රැකගත්තේ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායමයි.
සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය , පුණර්ජනනීය බලශක්ති ක්ශ්‍රේත්‍රය ඇතුළු බොහෝ ක්ශ්‍රේත්‍ර වල සිදුවන වංචා දුෂණවලට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා.
ඒ වගේම ඔවුන් සොරාගත්ත රටේ ජාතික සම්පත් ජාතික අරමුදල් නැවතවරක් රටට ලබා ගන්න කටයුතු කරනවා.
ඒ වගේ තේ කර්මාන්තය අපි දියුණු කරනවා. තේ කර්මාන්තයට ලබාදෙන පොහොර ඇතුළු කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් දරාගත හැකි මුදලට ලබාදෙන්න කටයුතු කරනවා.
වතු ක්ශ්‍රේත්‍රයේ සිටින ප්‍රජාව මැතිවරණවලදී මුලා කරනවා.
උඩරට පහතරට , වතු ප්‍රජාවගේ දෛනික වැටුප 1700 ක් දෙනවා කියලා දැන් දෙන්නේ 1350 ක මුදලක්. ලැයින් කාමර වලට සිමා වෙලා තිබෙන ජන ජිවිතය ශක්තිමත් කරන්න , ඉඩමක අයිතියක් නැති වතු ප්‍රජාව , කුඩා තේවතු හිමියන් බවට පත් කිරිමේ වැඩපිළිවෙළක් දියත් කර ඉඩම් හිමිකරුවන් බවට පත් කරන්න කටයුතු කරනවා.
ඔවුන්ව රටේ ආර්ථිකය නගා සිටුවන්න යොදාගන්නවා. ඒ වගේම තේ කර්මාන්තය සහ තේ නිෂ්පාදනය සුහුරු කර්මාන්තයක් බවට පත් කරන්න කටයුතු කරනවා.
රටේ තරුණ ප්‍රජාවට ඔවුන්ගේම ජිවනෝපායක් ආරම්භ කිරිමට ශක්තිය ලබාදෙන්න කටයුතු කරනවා. දස ලක්ෂයක් නව ව්‍යවසායකයින් බිහිකරන්නත් කටයුතු කරනවා.
ඒ ව්‍යවසායකයන්ට ඉඩම් ලබාදිමටත් කටයුතු කරනවා. ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න යොදාගන්න කටයුතු කරනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවේ ලක්ෂ 220 ක් ජනතාව ආගම් අනුව , ජාතින් අනුව බෙදන්නේ නෑ. රටේ ලක්ෂ 220 ම රැක ගන්න අපි කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ ජන කොට්ඨාසයකට හානියක් එල්ල වනවිට ඔවුන් වෙනුවෙන් සටන් කරන එකම බලවේගය සමගි ජන සන්ධානය පමණයි.
අද වනවිට ජනතාවගේ වටිනා ඡන්දය මුදලට , බාර් පර්මිට් එකට තක්සේරු කරන යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. පරමාදර්ශි නායකත්වයක් ලබාදී ජනතාව වැටී සිටින ප්‍රපාතයෙන් ගොඩගෙන ආර්ථිකය ශක්තිමත් කරලා පොදුජනතාව ජිවිත් කරවන පොදු ජනතාව දිනවන යුගයක් ඇති කරන්න සියලු දෙනාම සුදානම් වෙන්න.‘‘