Sunday, November 17, 2024

General line - 0115112241

ජාතික රටවිරුවෝ පදනමේ සහයත් රනිල්ට 




පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති වුන බවත්  නැවත රට ගොඩ ගන්න කිසිම නායකයෙක් ඉදිරිපත් නොවුන අතරේ  රට ගොඩ ගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රට බේරා ගන්න ඉදිරිපත් වුන බව ජාතික රටවිරුවෝ පදනමේ ලේකම් උදේශි ගුණරත්න පවසනවා 

උදේශි ගුණරත්න මේබව සඳහන් කර සිටියේ ජාතික රටවිරුවෝ පදනමේ සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් .

එහිදී  උදේශි ගුණරත්න  සඳහන් කර සිටියේ මෙවැන්නක් 

" රටේ යුද්දයක් තිබුනා ඒ යුද්දය කරේ රණවිරුවෝ යුද්දෙට ඩෙලර් ගේන්න උදවු කරේ රටවිරුවෝ පසුගිය වසර දෙක තුල රටෙ අරගලයක් ඇති උනා ඒ වෙලාවේ කිසිම නායකයෙක් ඉදිරිපත් උනේ නෑ රට ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ තමයි ඒ වෙලාවේ ඉදිරිපත් උනේ රට බේරා ගන්න 

මනූෂ නානායක්කාර තරුන තරුනියන්ට රැකියා අවස්තා ලබා දීමට කටයුතු කරා අමාත්‍යාංශය තුල වැඩ කරන කාලයේදී ඒ මගින් රටට ඩොලර් ගේන්න පුලුවන් උනා 

රනිල් වික්‍රමසිංහ තමයි නැවත වරක් පත් කර  ගන්න ඕනෑ අපේ සන්විදානය මීට කලින් මෙහෙම මැදිහත් වී නැහැ ලෝක අබිමානයට අපේ රට ගෙනියන්න ඕනෑනම් 21 රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕන "


මාධ්‍ය හමුව එක්වූ  ජාතික සංවිධායක  නිරෝෂිනී පෙරේරා සඳහන් කර සිටියේ මෙවැන්නක් 

"අපේ විදෙස් ගත වෙලා ඉන්න මැදපෙරදිග අය කොරෝනා කාලේ එම්බසිවල නිදාගෙන ඉදියා බනිස් කාල ඒ කාලේ අපි ඒවට කතා කරා ඒ කාලේ සෑහෙන්න අය අපිට එකතු උනා 

විදෙස්ගත අය පඩි වැඩි කරලා ඉල්ලුවේ නෑ ගෙවල් හදලා ඉල්ලුවේ නෑ ඒ අය තමන් ගැන බලා ගෙන රටටත් ඩොලර් එවුවා මෙහෙන් පත් කරලා එවන නිලදාරීන් තානපතිවරු අපේ පැත්ත ගන්නෙ නෑ 2 % වගේ සුලු ප්‍රාමනයක් තමයි එහෙම කරේ අනිත් අය මුදල් මත පදනම්වයි වැඩ කරේ

මේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපි රනිල් වික්‍රමසිංහට සහය දෙන්න තීරනයක් ගත්තා අපි එක නායකයෙක් ටෙස්ට් කරන්න කියලා  කලින් කෙනෙකුට ජන්දෙ දුන්නා වයසින් වැඩි උනත්  පසුව රට වැටුනම ගොඩ ගන්න ඉදිරිපත් උනේ මෙතුමා 

ක්‍රමානුකූලව ගොඩ එන රට අලුත් කෙනෙක් ඇවිත් බාර ගත්තොත් එයාට කරන් යන්න බැරි උනොත් එයා කියයි කලින් අය හොරා කාල නිසා මෙහෙම උනේ කියලා බේරෙන්න එහෙම කියයි "