මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් මාසයකට පමණ පසු යුක්රේනයට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය අද ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සංචාරය යුද්ධය ආරම්භ වීමෙන් පසු සිදුකරන පළමු සංචාරය වෙනවා
සංචාරය පිළිබඳ තොරතුරු විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර නොමැති අතර එම සංචාරයට පෙර නරේන්ද්‍ර මෝදි පෝලන්තයේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මෝදි අගෝස්තු 21 සිට 23 දක්වා දෙරටේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර යුක්රේන අගනුවර වන කිවිහි ළමා රෝහලකට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය දැඩිව හෙලා දැක තිබෙන අතර අහිංසක දරුවන්ගේ මරණය වේදනාකාරී හා භයානක බව පුටින්ට පැවසූ මෝඩි, මොස්කව් සහ කියෙව් ගැටුම සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙන් විසඳා ගත යුතු බවත් "යුධ බිමේ විසඳුම් කළ නොහැකි" බව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .