Sunday, November 17, 2024

General line - 0115112241

පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලාංකිකයෙකු සම්මාන තුනක් දිනා ගනී 




මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික නවෝත්පාදකයෙකු වන රොහාන් ඩි ලැනරෝල් විසින්  (Commonwealth Business Excellence Awards) සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා 

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පිහිටි එම්පරර්ස් පැලස්හිදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර එහිදී  වසරේ හොඳම තිරසාර නවෝත්පාදකයාට හිමි සම්මානය, වසරේ හොඳම ඉංජිනේරුමය නවෝත්පාදකයාට හිමි සම්මානය සහ වසරේ හොඳම පිරිමි නවෝත්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය 

ඔහු වෙනුවෙන් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වූ නියෝජිතයෙකු මෙම සම්මාන තුනම පිළිගැනීම සිදු කර තිබුනා 

ලෝකයේ තේ කර්මාන්තයේ දැවැන්ත විප්ලවයක් සිදු කරමින් ඇමිනුම්කටු නොමැති තේ බෑග් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කල අතර ඒ සඳහා 2018 වසරේදී පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන තිබුනා.

මෙම තාක්ෂණය මගින් ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට තේ නිෂ්පාදකයන්ට අවස්ථාව හිමි වුණු අතර, වඩාත් තිරසාර සහ ආර්ථිකමය වර්ධනයක් වෙත එම සමාගම් වෙත යොමුවීමටද අවස්ථාවක් උදා විය.