දිසා විනිසුරුවරයෙකු සහ නීතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ සැකකරුවෙකු ගංදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දෙල්ගල්ල ප්‍රදේශයේ නිවසක මුදල් වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු නිවැසියන් විසින් රඳවාගෙන සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිලි තුනක් ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බවට සැක කෙරන නීතීඥ හැඳුනුම්පතක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.