එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා
ඒ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකය කණ්ඩායමක් වන පෙෆරල් සංවිධානය බරපතල ලෙස නීති උල්ලංඝනය කර ඇති බව පවසමින්.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති රූපවාහිනී දේශපාලන සංවාදයකට..ජනාධිපති අපේක්ෂකයින් හයදෙනෙකුට පමණක් අවස්ථාව ලබාදීමෙන් අනිත් ජනාධිපති අපේක්ෂකයන් නොසලකා හැර කිහිප දෙනෙකුට පමණක් එහි අවස්ථාව ලබාදීම මැතිවරණ නීති උල්ලංඝනයක් කිරීමක් බවයි
ජනක රත්නායක වැඩි දුරටත් සඳහන් කර සිටියේ මැතිවරණ කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට මැතිවරණ නිරීක්ෂකයින්ම ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් වන බවයි
තවද මැතිවරණ නීති ආරක්ෂා කිරීමට සිටින අය මෙවැනි මැතිවරණ උල්ලංඝනය කිරීම් අසාධාරණ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා