Sunday, November 17, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂක වියදම් සීමා නිකුත් වෙයි - ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109ක් පමණයි




2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයෙකු විසින් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් වන බව මැතිවරණ කොමිසම විසින් නියම කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැය කළ යුතු වියදම් සීමා ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව එක් අපේක්ෂයෙකුට මෙවර ජනාධිපතිවරණයේදී වැය කළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් පන්සිය අසූ හයක් වනවා.

එකී මුදලින් සියයට 60ක් එනම් රුපියල් එකසිය දොලොස් කෝටි නව ලක්ෂ හැත්තෑ නව දහස් එකසිය පනස් එකයි ශත හැටක් සිය ප්‍රචාරක වියදම් ලෙස එක් එක් අපේක්ෂකයාට දැරිය හැකි වනවා.

ඉතිරි සියයට 40 එනම් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහ නවදහස් හාරසිය තිස් හතරයි ශත හතලිහක මුදල එක් එක් අපේක්ෂකයාගේ නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැය කළ හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එක් එක් අපේක්ෂකයා විසින් මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මැතිවරණයක් සඳහා අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙලෙස කරුණු දැක්වුවා.