පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රමාදවීමට බලපෑමක් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත කල් දැමිය නොහැකි බවයි.
ව්‍යවස්ථානුකූලව නොවැම්බර් 18 වනදාට පෙර නව ජනාධිපතිවරයා පත් විය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළද අනෙකුත් ඡන්ද විමසීම්වලට බාධාවක් නොවන ලෙස එය පවත්වන ලෙසත් අදාළ නියෝගයේ දක්වා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.
අදාළ නඩු තීන්දුව අධ්‍යයනය කර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන සතියේ මැතිවරණ කොමිසම රැස්වීමෙන් පසු තීරණයක් ගන්නා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.