Thursday, January 16, 2025

General line - 0115112241

මාලිමාවට අත්හැරිය නොහැකි වගකීමක් ඇති බව සිලින්ඩරය පෙන්වා දෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්




අතිශය බහුතර ජන වරමක් හිමි වූ ජාතික ජන බලවේගයට අත්හැරිය නොහැකි වගකීමක් ලැබී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසනවා.    

ඒ අනුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම නව රජයේ වගකීම බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ. 

ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද එහිදී අදහස් පළ කළා.