Thursday, January 16, 2025

General line - 0115112241

වතුකරයෙන් මැතිසබයට තේරී පත්වූ ක්‍රිෂ්ණන් දුන් පණිවිඩය

රංජිත් රාජපක්ෂ,සම්පත් කුලරත්න




ඉතිහාසයේ පළමු වරට තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්ගේ බලකොටුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව බිඳ දැමූ බව ජාතික ජන බලවේගයෙන් එම දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය පවසනවා.

ජනතාව දුන් වගකීම ඉටු කිරීමට කැපවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියා. 

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට හිමි වූ ආසන ගණන 05 ක්. සමගි ජන බලවේගයට ආසන 02 ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් ද හිමි වුණා.

මේ අතර පාර්ලිමේන්තුවේ කාන්තා හඬක් නැගීමට අවස්ථාව ලබාදුන් ජනතාවට සිය ස්තූතිය පුද කරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකා නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසනවා.

ඇය මෙවර මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.