ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක රැළි සඳහා වතුකරයේ ජනතාව සහභාගි කරවා ගැනීමට බාල තත්ත්වයේ රා නොමිලයේ ලබා දෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ මංජුල ගජනායක පැවසුවේ ප්‍රමිතියෙන් තොර රා බෝතල් වතු කම්කරුවන්ට ලබා දීම හේතුවෙන් ඇතැම් වතු කම්කරුවන් සේවයට වාර්තා කිරීම අඩාල වී ඇති බවට වතු අධිකාරීවරුන්ගෙන් සහ වතු පාලනාධිකාරීන් මගින් පැමිණිලි ලැබී ඇති බවයි.
මේ හේතුවෙන් ඇතැම් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාවද අඩු වී ඇති බවටයි ඔවුන් පැමිණිලි කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන
ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක.