Sunday, November 17, 2024

General line - 0115112241

වෙනස් වූ ජල ගාස්තු ගැසට්ටුව එළියට




නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් විසින්. ඒ අනුව ජල ගාස්තු සංශෝධනය පසුගිය 21වනදා සිට ක්‍රියාත්මකයි.

සමෘද්ධිලාභින් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය, රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වනවා.

ඒ අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 07කින් අඩු කර තිබෙනවා.

රජයේ රෝහල්වල සියයට 4යි දශම 5කින් ද ආගමික ස්ථානවල සියයට 6යි දශම 3කින්ද ජලගාස්තු අඩු කර ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.