ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ විපක්ෂයේ හිටපු වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථී දුෂ්මන්ත මිත්‍රපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද එක් වුණා.
ඒ, කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තමන් කැපවන බව එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනා ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එම මන්ත්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කල දෙදෙනෙකු වනවා.
මේ අතර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවඥානම් ශ්‍රීධරන් පවසනවා.
ඒ, යාපනයේදී දෙමළ පොදු අපේක්ෂකයා හමු වූ අවස්ථාවේදියි.
කෙසේවෙතත් ඉලංගෙය තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති පසුබිමක් තුළයි ශ්‍රී ධරන් මෙලෙස දෙමළ පොදු අපේක්ෂකයා වෙත සහය ලබා දී ඇත්තේ.