රටේ ප්‍රබල පරිවර්තනයක් සිදු කිරීමට නම් ශක්තිමත් බලයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ සඳහා ජනතාවගේ ප්‍රබල කැමැත්ත සහිත ජනවරමක් අවශ්‍ය බවයි අලුත්ගම දර්ගා නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
කෙසේවෙතත් ආරක්ෂිත ජන ජීවිතයක් නිර්මාණය කරමින් මෙරට ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ ජනාධිපති ධූරය වෙනත් අපේක්ෂකයෙකුට ලබා දුන් හොත් රට යළි කඩා වැටෙන බවයි.
කෙසේවෙතත් කුමන බලවේග ගොඩනැඟුවද අවසන් තීරණය ගනු ලබන්නේ ජනතාව බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ පැවසුවා.