විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්'කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.
'සැකකරු සිය ගමන් මලු'තුළ දුම්වැටි 21,600ක් අඩංගු දුම්වැටි කාටූන් 108ක් රැගෙන විත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රේගු භාරයට ගත් එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විසි දෙකක් පමණ වනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.