අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු සැප්තැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකාර නිලධාරියා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි.
බලංගොඩ බස් නැවතුම්පොළ කාර්යාලයේදී බස් රථ හිමිකරුවෙකුගෙන් රුපියල් 60,000ක මුදලක් ලබා ගැනීමේදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.