හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද යළි විභාගයට ගත්තා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.
අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වෙනවා.
එහිදී විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම සිදුකෙරුණා.
ඒ අනුව විත්තිකාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු අධිකරණය හමුවේ සිය ප්‍රකාශය ඉදිරිපත් කළා.
එම ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී විත්තිකාර අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී සංවේදී වෙමින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 27 වනදා දක්වා කල් දැමුණා.