රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප සියයට 24කින් ඉහළ දමන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අකුරණ ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් එලෙස ඉහළ දමන බවයි.
මේ අතර, දේශපාලඥයින් සිය බලය තහවුරු කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
අලුත්ගම දර්ගා ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
මේ, අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.