Sunday, November 17, 2024

General line - 0115112241

වැටුප් ඉහළ දමන බවට කළ ප්‍රකාශයට මැතිවරණ කොමිසමේ අවධානය




රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙවන් අවස්ථාවක වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දීමක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. 

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන්ද විමසීමක් කළා.

කෙසේවෙතත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ ලබන වසරේ ජනවාරි මස සිට බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුව පැවසුවා.