ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට කර ඇති ආරාධනය පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැෆ්රල් සංවිධානය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට පැෆ්රල් සංවිධානය ගන්නා ප්රගතිශීලි උත්සහය අගය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැෆ්රල් සංවිධානය වෙත යැවූ එම ලිපියේ දැක්වෙන්නේ.
මේ අතර අදාළ විවාදයේ පළමු අදියරට සහභාගී වන බවට ජනාධිපති අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පී. අරියනේත්‍රන් සහ දිලිත් ජයවීර ද සහභාගී වන බවට තහවුරු කර ඇතැයි පැෆ්රල් සංවිධානය පැවසුවා.