Sunday, November 17, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් වැඩි කිරීම සාධාරණද?




සිදු කළ යුත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නොව සමස්ත ජනතාවටම සහනයක් ලබා දීම බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ඒ අනුව සෑම ජන කොටසකම ආදායම් මට්ටම් ද ඉහළ දැමිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ. 

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන්නේ නම් දැනට ක්‍රියාත්මක බදු මුදලද ඉහළ දැමීමට සිදු වන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් පැවසුවේ. 

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට රජයේ අවධානය යොමු වීම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු ද අදහස් පළ කළා.

පනවා ඇති බදු පහළ දැමීමෙන් සමස්ත ජනතාවටම සහනයක් ලබා දිය හැකි බවයි ඔහු කියා සිටියේ.