ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතුවලදී නීති කඩකරමින් කටයුතු කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට එරෙහිව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන්ද රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.
ලැබෙන පැමිණිලිවලට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව හරහා නඩු පවරන බවද ඔහු කියා සිටියා.