Sunday, November 17, 2024

General line - 0115112241

මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් බිහි කරන්න මාලිමාවෙන් සැලසුමක්




2030 වසර වන විට ලෝකයට අවශ්‍ය වන මෘදුකාංග ඉංජිනේරුවන්ගෙන් ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් බිහි කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඉදිරි වසර 06 ඇතුළත එම ඉංජිනේරුවන් බිහි කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

ඉදිරියේදී ජනතාව ගෙවන බදු ප්‍රතිශතය පහළ දමන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.  

පසුගිය ආණ්ඩු සමයේ මුස්ලිම් ප්‍රජාවට අසාධාරණයක් සිදු වූ බව ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එය නිවැරදි කරමින් ඉදිරියේදී නව නීතියක් ගෙන එන බවයි එරාවුර් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.