ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් අවසන් වීමට පෙර ජනාධිපති අපේක්ෂකවරුන් සිය ආදායම් වියදම් වාර්තා ලබා ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ එලෙස ලබා නොදෙන ජනාධිපති අපේක්ෂකවරුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 836ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 812ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
ඉන් පැමිණිලි 409ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 403ක්.
වෙනත් පැමිණිලි 23ක්ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
මේ වන විට ප්රචණ්ඩ ක්‍රියා එකක්ද වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.