මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් 11 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වන මුහුදු සීමාවේදී එම ධීවරයින් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
සැකකාර ධීවරයින් කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
ඔවුන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරූ ඉන්දීය ධීවර යාත්‍රා 45ක් සමඟ ධීවරයින් 333 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, කල්පිටිය - තලවිල, කප්පල්අඩිය වෙරළ තීරයේ සගවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 776ක් සොයා ගත් බව නාවික හමුදාව පැවසුවා.
එම බීඩි කොළ තොගය පොලිතින් මළු 24ක බහා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. කෙසේවෙතත් සිද්ධියට අදාළව සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
එම බීඩි කොළ තොගය වයඹ පළාත් සුරාබදු ඒකකයට භාර දෙන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.